ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රජයට අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රජයට අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රජයට අනතුරු ඇගවීමක්

නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බව, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්ය.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ආපදා තත්ත්වයක් හෝ ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නිසි බලධාරියෙකු පත්කර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව සහ අයිතීන්ද ආරක්ෂා කිරීම දැඩි කාලීන අවශ්‍යතාවක් බවයි.

මාතර රෝහල වෙත ගිය මාතර ප්‍රාදේශීය ලේකම්වරිය බලහත්කාරයෙන් කාමරයක රඳවාගෙන රෝගී සත්කාරය පිළිබඳ සෞඛ්‍ය ආචාරධර්ම උල්ලංඝණය වන ආකාරයෙන් සෞඛ්‍ය සේවකයින් පිරිසක් කටයුතු කර ඇතැයි ඔවුන් පෙන්වා දෙයි. ඊට හේතුවී ඇත්තේ ඉන්ධන බෙදාහැරීමේදී ඇති වූ ගැටලුවකි.

ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධ වැඩසටහනක් ක්‍රියාත්මක වන අවස්ථාවේ එම වැඩසටහන අධීක්ෂණය කළ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයාගේ රාජකාරියට කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් බාධා කර ඇතැයිද අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය.

එම සිදුවීම් දෙකට අදාළව නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට වන්නේ නම්, දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවද, රාජ්‍ය පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *