රිය අනතුරුවලින් වසරකට පුද්ගලයන් 3,000ක් මිය යයි

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638කින් මරණ 1,733ක්

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638කින් මරණ 1,733ක්

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය යන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය.

ඒ අතරින් වැඩිම මරණ වන්නේ යතුරුපැදි අනතුරුවලින් බවද ඔහු පැවසීය. ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා (01) මේ බව ප්‍රකාශ කළේය.

2019 වසරේදී වූ මාරක රිය අනතුරු 2,645කින් 2,839 දෙනෙක් මියගොස් ඇති බවත් 2020 වසරේදී වූ මාරක රිය අනතුරු 2,242කින් 2,563 දෙනෙක් මියගොස් ඇති බවත් 2021 වසරේදී සිදු වූ මාරක රිය අනතුරු 2,414කින් 2,513 දෙනකුත් මියගොස් ඇති බවත් හපුගොඩ මහතා සඳහන් කළේය. 2020 සහ 2021 යන වසරවල මාරක රිය අනතුරුවල යම් අඩු වීමක් වාර්තා වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වයට හමුවේ වාහන වැඩි ප්‍රමාණයක් මාර්ගයේ ධාවනය නොවූ නිසා බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි 1දා සිට ජුනි 27දා දක්වා මාරක රිය අනතුරු 1,370ක් සිදුව ඇති බවත් එම රිය අනතුරුවලින් 1,440 දෙනෙක් මියගොස් ඇති බවත් ඉන්දික හපුගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *