ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා

ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා

කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා අතරට එක් කර ගැනීම(28) සිදුවිය.

මිකොං ගංගාවේ ධීවරයන් කණ්ඩායමකට මෙම යෝධ මඩුවා හමුවූයේ පසුගිය ජූනි 13වැනිදා උතුරු දිග කාම්බෝජයේ ත්සං ත්‍රෙංග් පළාතෙනි. එම අවස්ථාවේදී එය ලොව ප්‍රධාන පෙළේ පුවතක් බවටද පත් විය. ගිනස් කමිටුවේද අවධානය මඩුවා වෙත යොමු වුණු අතර ඔවුන් (28) දිනයේ ලොව විශාලතම මිරිදිය මත්ස්‍යා ලෙස මෙම මඩුවා ඔවුන්ගේ වාර්තා අතැට එක් කළේය.

කාම්බෝජ වැසියන් මෙම යෝධ මඩුවා ‘බොරාමි’ යන නමින් නම් කර ඇති අතර එහි අර්ථය”පුර සඳ”ය. සත්ව විද්‍යාඥයන් පෙන්වාදී ඇත්තේ ‘බොරාමි’ දුර්ලභ ගන්නේ මිරිදිය මඩුවකු බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *