තැපැල් කාර්යාල සතියට දින 3යි; රෙජිස්ට්‍රාර් සේවා දින දෙකයි

තැපැල් කාර්යාල සතියට දින 3යි; රෙජිස්ට්‍රාර් සේවා දින දෙකයි

තැපැල් කාර්යාල සතියට දින 3යි; රෙජිස්ට්‍රාර් සේවා දින දෙකයි

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සඳුදා සහ බඳාදා දිනවල පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කිරීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවෙන් සපයන ඉඩම් හා උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම ඇතුළු සියලුම සේවා එම දින දෙකට සීමාවේ.

මේ අතර සියලුම තැපැල් කාර්යාල ලබන මස 10වැනිදා දක්වා හෝ නැවත උපදෙස් ලැබෙන තෙක් සතියේ දින තුනක් පමණක් විවෘත කරන බවත් සඳුදා දින මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාලවල රාජකාරී සඳහා අවම කාර්ය මණ්ඩල කැඳවිය යුතු බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසයි. එම චක්‍රලේඛයට අනුව අඟහරුවාදා, බඳදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සියලුම තැපැල් කාර්යාල විවෘත කරන අතර සඳුදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල තැපැල් කාර්යාල වසා තබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *