සියවසකට පසු ප්‍රථම වරට විදෙස් ණය ගෙවීම් පැහැර හරිණ රුසියාව

සියවසකට පසු ප්‍රථම වරට විදෙස් ණය ගෙවීම් පැහැර හරිණ රුසියාව

සියවසකට පසු ප්‍රථම වරට විදෙස් ණය ගෙවීම් පැහැර හරිණ රුසියාව

සියවසකට පසු ප්‍රථම වතාවට රුසියාව සිය විදේශ මුදල් ස්වෛරී ණය ගෙවීම් පැහැර හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් විදේශ ණය හිමියන්ට ණය ගෙවීමේ මාර්ග වසා දැමූ බටහිර දැඩි සම්බාධකවල ප්‍රතිඵලයක් වශයෙන් රුසියාව මෙම පියවර ගෙන ඇති බවය.

එසේ වුවද ණය ගෙවීමේ කටයුතු කිරීම සඳහා මාස කිහිපයක් රුසියාව වෙනත් මාර්ග සොයා ගෙන තිබුණද, මැයි 27වනදාට ගෙවිය යුතු ඩොලර් මිලියන 100ක ණය ගෙවීමේ සහන කාලය අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය ණය ගෙවීම් පැහැර හැරීමේ සිදුවීමක් ලෙස සලකන බව එම වාර්තා තවදුරටත් සඳහන් කර ඇත.

එම වාර්තා පෙන්වා දුන්නේ, එය රට ආර්ථික, මූල්‍ය හා දේශපාලනික වශයෙන් කඩාකප්පල් වූ රටක් බවට වේගයෙන් පරිවර්තනය වීමේ දරුණු සලකුණක් බවය.

සිය විදේශ ණය හිමියන් වෙත රුසියාව අවසන් වරට ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයකට වැටුනේ සියවසකට වඩා පෙර, ව්ලැඩිමීර් ලෙනින් යටතේ බොල්ෂෙවික්වරුන් 1918 වසරේදී රුසියාවේ දැවැන්ත සාර්වාදී යුගයේ ණය බර ප්‍රතික්ෂේප කළවිට බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *