අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි වෙයි; අධ්‍යාපන ගැටලු විසඳීමට ඩලස්ගෙන් යෝජනාවක්

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි වෙයි; අධ්‍යාපන ගැටලු විසඳීමට ඩලස්ගෙන් යෝජනාවක්

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි වෙයි; අධ්‍යාපන ගැටලු විසඳීමට ඩලස්ගෙන් යෝජනාවක්

දරු පරපුරේ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් 21 පැවසීය.

පාස්කු දින ප්‍රහාරය,කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය වැනි කරුණු කේන්ද්‍රගත කොට ගනිමින් 2019 වර්ෂයේ සිට අඛණ්ඩවම ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන සමාජ දේශපාලන ව්‍යසනයෙන් දිගුකාලීනව දැඩිව හානි සිදුව ඇත්තේ ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ අධ්‍යාපනයට බව සභාවේ විශ්වාසය යැයිද ඩලස් අලහප්පෙරුම මහතා කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

ඉගෙනුම අහිමි වීම මෙන්ම කාලය අහිමි වීම නිසා අපේක්ෂා භංග වූ මෙන්ම මානසික ආතතිය උත්සන්න වූ පාසල් දරුවන් මෙන්ම විශ්ව විද්‍යාල දරුවන් වෙත වඩාත් සංවේදීව විසඳුම් සෙවීම වැඩිහිටි වගකීම වන බවත් පෙර පාසල් බිළිඳුන් පවා අර්බුදයේ වින්දිතයන් බවට පත්ව සිටින බවත් අලහප්පෙරුම මහතා කියයි.

මේ අතර එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර පාසල් පැවැත්වෙන දින ගණන වැඩි කර එම අතිරේක දිනවල දී මෙම කාලය තුළ දරුවන්ට මඟ හැරෙන සියලූම කාලච්චේචේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ, 21 යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදී පැවති රැස්වීමෙන් අනතුරුවය.

ප‍්‍රාථමික ගුරුවරුන්ට ජූලි මස සිට අඛණ්ඩ පුහුණු සැසි පැවැත්වෙන අතර උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය ඔස්සේ පුහුණු සැසි ලබාදීම මගින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පුනරීක්ෂණ, ප‍්‍රශ්නෝත්තර හා අතිරේක වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ අධ්‍යාපන වැඩසටහන් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල ක‍්‍රියාවට නැංවෙන අතර සියලූ පුහුණු සැසි ජූලි මාසයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු, පළාත් නවයේම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගෙන දෛනික ව ලබාගන්නා දත්ත හා තොරතුරු ඇසුරින් මේ වනවිටත් සම්පාදනය කෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම දිවයිනේ ප‍්‍රධාන නගරවල හැර සෙසු ග‍්‍රාමීය ප‍්‍රදේශවල 70% -80%ක ප‍්‍රතිශතයකින් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම් වාර්තා වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *