ස්වෛරී බැදුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරයි

ස්වෛරී බැදුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරයි

ස්වෛරී බැදුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරයි

ජුලි මාසයේ 25 වනදා කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 25%ක ආයෝජනය කර ඇති ඇමරිකානු සමාගමක් මූලික මුදල හා පොලිය අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පවරා තිබේ.

නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණයේ පවරා ඇති නඩුවෙන් එම සමාගම ඉල්ලා සිටින්නේ ආයෝජනය කළ ඩොලර් මිලියන 250කට අධික මුදල හා ඩොලර් මිලියන 7.3ක පොලිය ජුලි 25වනදා හෝ ඊට පෙර වහාම ගෙවන්නැයි නියෝගයක් කරන ලෙසයි. ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් සිදුකළ නොහැකි බව ප්‍රකාශයට පත්කර ඇති රටකි. ජුලි 25වනදා ඇමරිකානු ඩොලර් බිලියනයක ස්වෛරී බැදුම්කර කල් පිරීම සිදුවන්නේ මේ පසුබිම තුළයි.

2012 වසරේ ඇමරිකාවේ එච් එස් බී සී බැංකුව සමග එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතිකරගත් ගිවිසුමට අනුව මෙම ඩොලර් බිලියනක ස්වෛරී බැඳුම්කර ලබාගෙන තිබිණ. ඉන් ඩොලර් මිලියන 250 දශම 19ක ස්වෛරී බැදුම්කර පෞද්ගලික ආයෝජකයෙකු වෙනුවෙන් මිලදී ගෙන තිබුණේ, ඇමරිකාවේ හැමිල්ටන් රිසව් බෑන්ක් නමැති සීමාසහිත සමාගමකි. ඒ කල් පිරෙන අවස්ථාවේ 5.8%ක පොලියක් ගෙවීමේ එකඟතාව මතයි.
ජුලි මස 25වනදා කල් පිරෙන අවස්ථාව වනවිට මේ ආයෝජනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.349ක පොලියක් ඒ අනුව ගෙවිය යුතුයි.

ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බෑන්ක් සමාගම නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කළ නඩුවේ සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීමක් සිදුවූ අවස්ථාවේත් ශ්‍රී ලංකාවේ බලධාරීන් ණය ආපසු ගෙවීමට හැකියාව ඇතැයි, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවයි. එසේ තිබියදීත් මේ වනවිට ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුව ආණ්ඩු කරන රාජපක්ෂවරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ක්‍රියා කලාප බව ඇමරිකානු සමාගම අධිකරණයට දන්වා තිබේ.

ඔවුන් ගොනු කළ නඩුවේ සඳහන් තවත් වැදගත් කරුණක් මේ.
– උපුටා ගැනීම –
“රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අවුරුදු ගණනාවක් දූෂණ චෝදනා එල්ලවී තිබෙනවා.හිටපු ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් හා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් හෙළි කර ඇති අකාරය අනුව රාජපක්ෂ පවුල ඩොලර් බිලියන ගණනක ධනයක් උපයා ඇති අතර ඉන් කොටසක් ලිහිල් මූල්‍ය නීති ඇති ඩුබායි, සීෂෙල්ස් සහ සෙන්ට් මාටින් දූපත්වල සඟවා තිබෙනවා. ඇමරිකානු රජයේ ලේඛනවලට අනුව බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු, ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියා රජයේ තනතුරු දැරීමට පෙර සිටම හඳුන්වා ඇත්තේ මිස්ටර් ටෙන් පසන්ට් යන අන්වර්ථ නාමයෙන්.ඊට හේතුව ඔහු සෑම ව්‍යපෘතියකින්ම 10% කොමිස් ඉල්ලා සිටීමත් පුද්ගලයන් මුදලට ගැනීමේ පුරුද්දක්ද තිබූ නිසයි.”
– උපුටා ගැනීම අවසන් –

ශ්‍රී ලංකාවට මෙම නඩුකරයට මුහුණදීමෙන් වැළකී සිටීමට කිසිදු මුක්තියක් නැතැයිද හැමිල්ටන් රිසර්ව් බෑන්ක් සමාගම මෙම නඩුව ගොනු කරමින් සඳහන් කර තිබේ.

– newsfirst

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *