ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන්ට පාර්ලිමේන්තු බහුතරය අහිමි වේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන ලකුණු

ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන්ට පාර්ලිමේන්තු බහුතරය අහිමි වේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන ලකුණු

ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන්ට පාර්ලිමේන්තු බහුතරය අහිමි වේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන ලකුණු

ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තද බහුතරය අහිමි වී ඇති බවයි. ඡන්ද විමසීමෙන් ප්‍රංශ පාර්ලිමේන්තුවට තෝරා ගැනෙන සභිකයින් සංඛ්‍යාව 577කි.

කෙසේ නමුත් බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට නම් ජයග්‍රාහී කණ්ඩායම ආසන 289ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිනා ගත යුතු වේ.
එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය දිනා ඇති ආසන ගණන 234කි. වාමාංශික පක්ෂ සන්ධානයක් දෙවනුවට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා තිබේ.
ඒ ආසන 141 ක් දිනා ගනිමිනි. අන්ත දක්ෂිණාංෂික පක්ෂය ආසන 90ක් දිනා තුන්වැනි ස්ථානයට පත්ව ඇතැයි සඳහන්ය.

මේ හේතුවෙන් ජයග්‍රාහී එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂයට තවත් ජයග්‍රාහී පක්ෂ සමග සන්ධානගත වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීම (19) පැවැත්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *