ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ගෝඨා, මහින්ද, බැසිල්, රනිල් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

ඒ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් පුද්ගලයින් 3 දෙනෙකු විසිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 13 දෙනෙකු ඒ මගින් වග උත්තරකරුවන් කර තිබේ. එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට විනිවිදභාවයකින් තොරව සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමට එරෙහිවය.

එහි සඳහන් කර ඇති පරිදි ආර්ථික අර්බුදයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ.
– 2019 වසරේදී නීතිවිරෝධී ලෙස බදු සහන දීම හරහා රජයේ ආදායම් අඩු කර ගැනීම.
– එම බදු සහන ආපසු හැරවීමට අසමත් වීම.
– ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රමාද කිරීම.
– රුපියලේ අගය සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණ නොගැනීම.
පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ, ඉහත කී කරුණු සඳහා අදාළ වග උත්තරකරුවන් ඍජුව වගකිව යුතු බවටය. මෙහි සෙසු පෙත්සම්කරුවන් වන්නේ, චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලිං යන මහත්වරුන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *