ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය මානුෂීය ආයාචනයක

ශ්‍රී ලංකාවේ තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි - UNICEF

ශ්‍රී ලංකාවේ තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි - UNICEF

ඉදිරි මාස 07 තුළ ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ඉහළ යන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත්, Unicef සංවිධානය විසින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 25.3ක් ඉල්ලා තිබේ.

යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි මිලියන 1.7ක ළමුන් සඳහා ජීවිත බේරා ගැනීමට සහ පෝෂණය, සෞඛ්‍ය සේවා, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා ගෙන එම සඳහා ආධාර ඉල්ලා සිටින බවය.

ඉදිරි මාස 04 තුළ වඩාත් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකා ජනගහණයේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන් දැනටමත් ආයාචනයක් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ පවතින අර්බුදය හේතුවෙන් රටේ දරුවන්ගෙන් අඩකට ආසන්න පිරිසකට කිසියම් ආකාරයක මානුෂීය ආධාර අවශ්‍ය වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසුවේ, ”වර්තමාන අර්බුදය පවුල් ඔවුන්ගේ සීමාවන් කරා යොමු කර ඇති බවය.
“ළමයින් දුක්ඛිත හා කුසගින්නේ ඇඳට යන තත්ත්වයකට පත්ව ඇති බවත්, බොහෝ දරුවන් නිතිපතා පාසල් නොයන බවත් ඔහු සඳහන් කළේය.
ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසුවේ, ළමුන්ට සහ ගර්භනී කාන්තාවන්ට ඇතුළුව රෝහල්වල ඖෂධ වේගයෙන් අවසන් වෙමින් පවතින බවයි.

වත්මන් අර්බුදයට පෙර සිටම, දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ළමා මන්දපෝෂණ අනුපාතය ශ්‍රී ලංකාව සතු වූ අතර, ළදරුවන් 5 දෙනෙකුගෙන් 2 දෙනෙකුට අවම පිළිගත හැකි ආහාර වේලක් හිමි නොවන බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේය.

එම සංවිධානය පැවසුවේ, ඉහළ යන ආහාර මිලත් සමග, කුටුම්භවලින් 70 %ක් දැන් ආහාර පරිභෝජනය අඩු වී ඇති බව වාර්තා කරන අතර, ඉන්ධන අර්බුදය සහ නිරන්තර විදුලි කප්පාදුව සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු දරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධා එල්ල කර ඇති බවයි.

යුනිසෙෆ් ආයතනය සිය මානුෂීය ආයාචනය තුළින් ශ්‍රී ලංකාවේ දරුවන්ට ආධාර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *