දුම්රිය දෙපාර්තුමේන්තුවේ දිනක පාඩුව කෝටි 21/2ක්; ගාස්තු සංශෝධනයක් නොකළ හොත් වාර්ෂික පාඩුව කෝටි 2000ක් වියහැකි

දුම්රිය සේවකයින් 7000 කගේ හිගයක්; දෙසැම්බර් මාසයේ 1000ක් විශ්‍රාම යාමටත් නියමිතයි

දුම්රිය සේවකයින් 7000 කගේ හිගයක්; දෙසැම්බර් මාසයේ 1000ක් විශ්‍රාම යාමටත් නියමිතයි

ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ඉන්ධන විදයම ඉහළ යෑමට සිපේක්‍ෂව දුම්රිය ගාස්තු සංශෝධනය නොවීම මෙයට හේතුව බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මීට පෙර රුපියල් කෝටියක් ඉන්ධන වියදම් දරද්දී දෛනික මගී ප්‍රවාහන ආදායම රුපියල් එකහමාරක් වූ බවත්ය.

වර්තමානයේ දෛනික ඉන්ධන වියදම රුපියල් කෝටි 4ක් වෙද්දී රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබන බවත් මේ හේතුවෙන් ගාස්තු සංහෝධනයක් කඩිනමින් විය යුතු බවත් ජයසුන්දර මහතා කීය.

ඩීසල් මිල අවස්ථා කීපයකදී ඉහළ ගියද දුම්රිය ගාස්තු ඉහළ නොදැමීම නිසා පාඩුව වර්ධනය වී ඇති බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ බස් ගාස්තුවෙන් සියයට 70 ක පමණ දුම්රිය ඉහළ දැමුවහොත් දුම්රිය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බවත්ය.

දුම්රිය ගාස්තු සංශෝධනයක් නොකළ හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි 2000ක් පමණ වියහැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *