චීනයේ රහසිගත කාම්බෝජය නාවික හමුදා මධ්‍යස්ථානය – බටහිර රටවල චෝදනා

චීනයේ රහසිගත කාම්බෝජය නාවික හමුදා මධ්‍යස්ථානය - බටහිර රටවල චෝදනා

චීනයේ රහසිගත කාම්බෝජය නාවික හමුදා මධ්‍යස්ථානය - බටහිර රටවල චෝදනා

සිය හමුදාවේ භාවිතය සඳහා චීනය රහසිගතව කාම්බෝජයේ නාවික හමුදා මධ්‍යස්ථානයක් ඉදි කරමින් සිටින බවට බටහිර රටවල නිලධාරීන් චෝදනා එල්ල කර ඇතැයි අමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. එසේ වුවත් චීනය මෙන්ම කාම්බෝජයද එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ ඉදි කිරීම හෙළිදරවු නොකිරීමට දැඩි උත්සාහයක නිරතවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

උතුරුදිග කාම්බෝජියාවේ රීම් නාවික හමුදා කඳවුර ආසන්නයේ ඉදි කෙරෙන බව කියන මේ චීන නාවික හමුදා මධ්‍යස්ථානයේ මුල්ගල තැබීමේ උත්සවයක් පසුගියදා පැවැති බවත් වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය සඳහන් කර අතර, එය මූලෝපායික ලෙස වැදගත් ඉන්දු පැසිෆික් කලාපයේ මුරපොළක් ලෙස භාවිතයට ගනු ඇතැයි අනුමාන කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *