බිබිල නිල්ගල වන රක්ෂිතයේ ගින්නකින් අක්කර සිය ගණනක් ගින්නෙන් දැවීගොස්

බිබිල නිල්ගල වන රක්ෂිතයේ ගින්නකින් අක්කර සිය ගණනක් ගින්නෙන් දැවීගොස්

බිබිල නිල්ගල වන රක්ෂිතයේ ගින්නකින් අක්කර සිය ගණනක් ගින්නෙන් දැවීගොස්

බිබිල නිල්ගල වන රක්ෂිතයේ (07) දවල් ඇතිවූ ගින්නක් ශීඝ්‍රයෙන් පැතිරී ගොස් පැය තුනකට පසු නිවී යෑමෙන් පසු අක්කර සිය ගණනක පමණ භූමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසීන් කියති.

බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හඳුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු, බුළු, නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු ඇතුළු වටිනා දැව ගස් හා අලි, කොටි. වලසුන්, වල්ඌරන්, මීමින්නන්, හාවුන්, මුවන්, ගෝනුන්, පක්ෂීන් හා උරගයන් ඇතුළු දුර්ලභ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.

සෑම වසරකම නියං කාලය වන ජුලි සිට සැප්තැම්බර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපණය වන මානම්, ඉලුක්, ඇතුළු ශාක විනාශ වී යන බව ගම්වාසීන් කියයි.වනයේ නිතරම ගින්න තිබෙන බවත් සුළං හමන අවස්ථාවලදී ගින්න ශීඝ්‍රයෙන් පැතිරී යන බවත් අවට ගම්වාසීන් කියති. වසරක් පාසා වනය ගිනි ගැනීම නිසා කුඩුම්බේරිය ශාක හා අරළු,බුළු,නෙල්ලි ඵලදාව සරු වන බව ගැමියන් කියන අතර ඇතැම් අවස්ථාවලදි ප්‍රදේශයේම ජනතාව වනයට ගිනි තබති.

බිබිල අඩවි වන නිලධාරී වයි.සී.එස් ගුණවර්ධන මහතාගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ වනය ගිනි ගන්නා අවස්ථාවලදී වන අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි. ඇතැම් අවස්ථාවලදි යුද හමුදාව යොදවන බවත් නියං කාලයේදී සුළඟ නිසා පැතිරී යන ගින්න නිවන්න අසීරු බවත් හෙතෙම කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *