බංග්ලාදේශයේ බහලුම් ගබඩාවක පිපිරීමකින් අවම වශයෙන් 40ක් මරුට; 100ට අධික පිරිසකට තුවාල

බංග්ලාදේශයේ බහලුම් ගබඩාවක පිපිරීමකින් අවම වශයෙන් 40ක් මරුට; 100ට අධික පිරිසකට තුවාල

බංග්ලාදේශයේ බහලුම් ගබඩාවක පිපිරීමකින් අවම වශයෙන් 40ක් මරුට; 100ට අධික පිරිසකට තුවාල

බංග්ලාදේශයේ චිටගොන්ග් නගරයේ බහලුම් ගබඩාවක ඇති වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති අතර සියයට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පිපිරීමෙන් අනතුරුව ගින්නක් හට ගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීමට සිය ගණනක පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති බවය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර එහි තිබූ බහලුම්වල රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ බව විදෙස් මාධ්‍යවල සඳහන් කර තිබේ.

තුවාල ලැබූ බෙහෝ දෙනෙකුගේ සිරුරේ 60%ත් 90%ත් අතර ප්‍රමාණයක් පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර රුධිරය පරිත්‍යාග කරන ලෙසද රෝහල් බලධාරීන් ඉල්ලීමක් කර ඇත.

මියගිය සහ තුවාල ලැබූවන් අතර ගිනි නිවන භටයින් කිහිප දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *