උතුරු නැගෙනහිර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කුඹුරු ඉඩම් වගාව සඳහා ගොවි ජනතාවට

මහ කන්නයෙන් පසුව සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ; අවශ්‍ය පොහොර මේ වන විටත් බෙදාහරිනවා - කෘෂිකර්ම ඇමති
උතුරු නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිත කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති උතුරු නැගෙනහිර පළාත් වල කුඹුරු ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ගොවි ජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
එමෙන්ම වන සංරක්ෂණයට පවරා ගෙන ඇති ඉඩම් මෙම යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ ද වගා කිරීමට හැකි වන පරිදි කඩිනමින් ගොවි ජනතාවට දීම සඳහා කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවසීය.