අනාරක්ෂිතව දියනාන අය සම්බන්ධව දැනුම් දෙන්න ක්‍ෂණික දුරකතන අංකයක්

අනාරක්ෂිතව දියනාන අය සම්බන්ධව දැනුම් දෙන්න ක්‍ෂණික දුරකතන අංකයක්

අනාරක්ෂිතව දියනාන අය සම්බන්ධව දැනුම් දෙන්න ක්‍ෂණික දුරකතන අංකයක්

ජල ගැලීම් පවතින අවස්ථාවල ජලාශ, දිය කඩිති, දිය ඇලි ආදියේ අනාරක්‍ෂිත අයුරින් දියනෑමේ සහ ජල ක්‍රීඩාවල යෙදී සිටින පුද්ගලයන් සම්බන්ධ තොරතුරු 117 ක්‍ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කරයි.

මෙවැනි අවස්ථාවක මත්පැන් භාවිතා කර ජලාශ ආදියේ දියනෑම, විනෝදවීම නොකළ යුතු බවට ලබාදෙන අවවාද නොතකා කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

පසුගිය වසරේ දියේ ගිලීම්වලින් සිදුවූ මරණවලින් සියයට 99 කටම හේතුව විනෝද චාරිකාවලදී මත්පැන් භාවිතා කර අනාරක්‍ෂිතව ජල ක්‍රීඩා කිරීම් බවද හෙතෙම සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *