රජයේ ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට බලපත්රයක්

රජයේ ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට බලපත්රයක්

රජයේ ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට බලපත්රයක්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට මහ ජනතාවට බලපත් නිකුත් කරන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ ඇමති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත ඉඩම්වල ඇති කොස් ගස්වල මෙවර ඵලදාව ඉහළ ගොස් ඇතැයිද නිලධාරීන් ඇමතිවරයාට පවසා ඇත.
ඇමති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡවකදී මෙසේ කරුණු හෙළි වී තිබේ.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3,000ක් පමණ දිවයින පුරා පිහිටා තිබෙන බවත් මෙම ඉඩම් සියල්ලේ ම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණු වී යන බව නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ. ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ පෝෂණ ගුණය බහුල කොස්, දෙල් වැනි ආහාර අපතේ යෑම වැළැක්විය යුතු බව ත් වන සංරක්ෂණ ඉඩම්වල ඇති කොස් පලදාව නෙළා ගැනීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් ඇමතිවරයා පැවසීය.

රක්ෂිත ඉඩම්වලට යාම නීති විරෝධී බැවින් ඒවාට ඇතුළු වීමට බොහෝ දෙනා බියක් දක්වන නිසා කොස් පලදාව නෙළා ගැනීම සඳහා පමණක් මුදල් අය කිරීමකින් තොරව වන රක්ෂිතවලට ඇතුළු වීමට බලපත් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දැනට ඇති තොරතුරු අනුව ලංකාවේ වාර්ෂික කොස් අස්වැන්න කොස් ගෙඩි කෝටි 28ක් වන අතර ඉන් පරිභෝජනය කෙරෙනුයේ කෝටි 8ක් පමණ ප්‍රමාණයක් බවට හෙළි වී ඇතැයිද එහිදී අනාවරණය වී ඇත.

කොස් ආශ්‍රිතව ආහාර විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමේ හැකියාව ඇත ත් ඒ සම්බන්ධව විධිමත් දැනුමක් මහ ජනතාවට නැති නිසා කොස් ආශ්‍රිත නිෂ්පාදන හා ඒවා විජලනය කර ආහාර කල්තබා ගැනීම, පලතුරක් ලෙස අපනයනය කිරීම සම්බන්ධව වැඩපිළිවෙළක් ද කෘෂිකර්ම අමාත්‍යංශය හා ඒකාබද්ධව ඇරඹිය යුතු බව ද ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *