බස් ගාස්තු ඉහළ යෑම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය මගීන් 50% කින් ඉහළට

දුම්රිය සේවකයින් 7000 කගේ හිගයක්; දෙසැම්බර් මාසයේ 1000ක් විශ්‍රාම යාමටත් නියමිතයි

දුම්රිය සේවකයින් 7000 කගේ හිගයක්; දෙසැම්බර් මාසයේ 1000ක් විශ්‍රාම යාමටත් නියමිතයි

බස් ගාස්තු ඉහළ යෑම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය මගීන් සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම තත්වය හමුවේ මගී තදබදය අඩු කිරීමට දුම්රිය කීපයකට (30) දිනයේ අමතර මැදිරි දෙක බැගින් එකතු කළ බව කී ගාමිණි සෙනෙවිරත්න මහතා තවත් දුම්රිය කීපයකට 31 දිනයේ අමතර මැදිරි දෙක බැගින් එකතු කිරීමට නියමිත බවද සඳහන් කළේය.

මගීන් සංඛ්‍යාව අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑමෙන් දුර පළාත්වල දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් තොගද අවසන් වීමෙන් දුම්රිය ස්ථානාධිපති ගැටලුවකට මුහුණදී සිටින බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *