පවුල් 14000කට මුං වගාව සඳහා ආධාර ලබාදීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය තීරණයක්

පවුල් 14000කට මුං වගාව සඳහා රු.18000 බැගින් ආධාර ලබාදීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය තීරණයක්

පවුල් 14000කට මුං වගාව සඳහා රු.18000 බැගින් ආධාර ලබාදීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය තීරණයක්

ලංකාවෙි පවුල් 14000කට මුං වගාව සඳහා රුපියල් 18000 බැගින් ආධාර ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විම්ලෙම්ද්‍රා ෂාරන්(Wimlemdra sharan) මහතා කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කෘෂි කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

අතිරේක ආහාර බෝග වගාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙන බැවින් මුං වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම ආධාර ලබාදීමට ලෝක ආහාර සංවිධානයේ එකඟත්වය පළ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *