ගජමුතු 76ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට

ගජමුතු 76ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට

ගජමුතු 76ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට

අම්පාර ඉගිනියාගල දේවාලහිද, අළුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ගජ මුතු එකක් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා මිලකට අලෙවි වන බව තහවුරු වී ඇත. මෑත කාලීනව අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය මෙය වේ. අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර දේවාලහිද ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 67ක පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉගිනියාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ලෝකයේම සිටින ඇතුන්ගේ ජීවිත මේ ගජමුතු නිසාවෙන් විනාශ වන බවත් ඇතුන් ඝාතනය කර මෙම ගජ මුතු ලබාගැනීම මුළු මහත් ජෛව පරිසර පද්ධතියටම කරන මහත් විනාශයක් බව සත්වවේදීහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *