ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

0
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් නම් කෙරේ

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි විය.

පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය ලකුණු 365ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506ක් රැස් කළේය. බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 169කට සීමා විය. එහිදී අසිත ප්‍රනාන්දු කඩුලු 6ක් බිඳ හෙළීය.

ඒ අනුව, තරගයෙන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබාගත යුතු වූයේ, ලකුණු 29ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේය.

මෙම තරගයේදී, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ශතක රැස් කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com