වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය සූදානමි

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගියදා ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ජපාන රජය ප්‍රකාශ ප්‍රකාශ කළ බවය.

මැයි 24 වන දින පැවති Quad සමුළුවට සමගාමීව හමු වූ අවස්ථාවේදී ඔවුන් මෙලෙස එකඟතාව පළ කර ඇත.

එහිදී ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාවට අමතරව නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඊට අමතරව, ආරක්ෂක, පිරිසිදු බලශක්ති සහ ආයෝජනද සිදු කිරීමට එහිදී සාකච්ඡාවී තිබේ.

එම හමුවෙන් පසුව, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට නායකයින් “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවට තහවුරු කළ බවය.

තවද ඔවුන් ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන රාමුවක් බවට සංවර්ධනය කිරීම සඳහා එකට වැඩ කිරීමේ අදහස් බෙදා ගත් බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *