රු. මිලියන 6,259ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත්; ඉන් 99% රෝගීන්ටද ලබා දීලා

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

නිසි ලෙස ගබඩා නොකිරීම හේතුවෙන් පසුගිය වසර 9ක් තුළ රුපියල් මිලියන 6,259ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් බාල වී ඇති බවත් එසේ තත්ත්වයෙන් බාල වූ ඖෂධවලින් සියයට අනූනවයක් පමණ රෝගීන්ටද දී ඇතැයි කෝපා කමිටුව අනාවරණය කර ඇත.

ඒ අනුව, 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6,259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති බව අනාවරණය වේ. මෙම තත්ත්වයෙන් අසමත් (quality fail) ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කරගැනීමටද නොහැකි වී තිබේ.

සුරක්ෂිතතාව රැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය වෙත නියෝග කර ඇත. වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොමැති බව ත් මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝව, ඖෂධ තැන්පත් කර ඇති බවත් කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබේ.

මේ අතර, ඖෂධ ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවද අමාත්‍යංශය ලේකම්වරයා පෙන්වා දී ඇත. වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්ත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අයකර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *