ඩොලර් එවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ආණ්ඩුවෙන් සහන රැසක්

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයනය සඳහා අවසර පත්‍රයක් ලබා දීමට යෝජනාවක් ආමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වසරක කාලයක් තුළදී අමෙරිකානු ඩොලර් ලක්ෂයක් මෙරටට එවන ශ්‍රමිකයින් සඳහා එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එවන ලද ඩොලර් ප්‍රමාණය අනුව තීරු බදු රහිත සහන, අඩු පොළියට නිවාස, ඉඩම් මිලදී ගැනීම සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක්ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවය. තවද අමෙරිකානු ඩොලර් 50,000ක් මෙරටට එවන විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරීමේදී ඔවුන් සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, විදෙස් ශ්‍රමිකයින් සඳහා ‘loyality card’ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඒ හරහා ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට රෝහල් ඇතුළුව විවිධ ආයතන මගින් වට්ටම් ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු සකස් කර ඇති බවය.

මසකට ඩොලර් මිලියන 500ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා ලබාදිය හැකි නම් මේ වන විට රට තුළ පවතින පෝලිම් නැති කිරීමට, විදුලි කප්පාදුව නතර කිරීමට, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග සපයා ගැනීමට හැකි බව මහ බැංකු අධිපතිවරයා සමග කළ සාකච්ඡාවකදී පෙන්වා දුන් බව අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *