වසර 10 කට පසු ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් වාමංශික කම්කරු පක්ෂයට ජය

වසර 10 කට පසු ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් වාමංශික කම්කරු පක්ෂයට ජය

වසර 10 කට පසු ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් වාමංශික කම්කරු පක්ෂයට ජය

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු පක්ෂය සමත් විය. ඒ අනුව, එරට නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස්ය.

කම්කරු පක්ෂය මෙසේ ඕස්ට්‍රේලියාවේ බලය තහවුරු කර ගත්තේ වසර 10 කට පසුව පමණ යැයි පැවැසෙයි. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ, ඕස්ට්‍රේලියාවද ආර්ථික අර්බුදවලට මුහුණ දෙයි. ජීවන වියදමද ඉහළ ගොස් තිබේ. මෙය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රමුඛ රජයේ ජනප්‍රියත්වය අඩුවීමට හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නායකත්වය දෙන්නේ ලිබරල් පක්ෂයටය. ලිබරල් පක්ෂය ඔවුන්ට හිතවත් ස්වාධීන පක්ෂ සමඟ සන්ධානගතවී මධ්‍ය දක්ෂිණාංශික කොන්සවර්ටිව් පක්ෂ රජයක් පිහිටුවා තිබුණේ 2013 වසරේ සිටය.

පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහාත් නියෝජිතයන් තෝරා ගැනීමට මහ මැතිවරණය පැවැත්වූයේ (21)ය. මෙය ඕස්ට්‍රේලියාවේ 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි.

ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂයේ ජය තහවුරු වෙද්දී, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පරාජය බාර ගනිමින්, ඇන්තනි ඇල්බනීස්ට ඇමැතුමක් දී සුබ පැතූ බව වාර්තා වේ. තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වැඩි දුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *