වසර 31කට පසු රජිව් ගාන්ධි ඝාතකයෙකුට ඉන්දිය ශ්‍රේෂාඨාධිකරණය නිදහස දෙයි

වසර 31කට පසු රජිව් ගාන්ධි ඝාතකයෙකුට ඉන්දිය ශ්‍රේෂාඨාධිකරණය නිදහස දෙයි

වසර 31කට පසු රජිව් ගාන්ධි ඝාතකයෙකුට ඉන්දිය ශ්‍රේෂාඨාධිකරණය නිදහස දෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ඒ.ජී. පෙරරිවලන් නමැත්තා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂාඨාධිකරණය තීන්දු කර තිබේ.

1991 වසරේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙරරිවලන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු 19 හැවිරිදි වියේ පසු වෙද්දීය. 1998 වසරේදී ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබූ අතර පසුව එය වෙනස් විය. ඒ අනුව, ඔහු වසර 31ක කාලයක් බන්ධනාගාරගත කර තිබිණි. ඔහු වරදකරු වූයේ, රජිව් ගාන්ධි ඝාතනය කිරීම සඳහා භාවිත කළ බෝම්බය සැකසීමට බැටරි සැපයීම හේතුවෙනි. 1991 වසරේදී තමිල් නාඩු ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැලියකදී මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් රජිව් ගාන්ධි මහතා ඝාතනය කෙරිණි.

1987 වසරේදී ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස ඔහු ඝාතනය කෙරුණු බවට විශ්වාස කෙරේ. පෙරරිවලන් LTTE සංවිධානයේ සාමාජිකයෙකු වූ අතර එම සංවිධානය 2009 වසරේ 18 වැනි දින පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත් විය.

තමිල් නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් 2018 වසරේදී ඔහුට සමාව දෙන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කළද, එය ක්‍රියාත්මක කිරීම පමා වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *