ප්‍රථම වරට සෞදි අරාබියට ශ්‍රී ලංකාවේ බෞද්ධ සහ හින්දු පූජකවරුන් සංචාරයක

ප්‍රථම වරට සෞදි අරාබියට ශ්‍රී ලංකාවේ බෞද්ධ සහ හින්දු පූජකවරුන් සංචාරයක

ප්‍රථම වරට සෞදි අරාබියට ශ්‍රී ලංකාවේ බෞද්ධ සහ හින්දු පූජකවරුන් සංචාරයක

සෞදි අරාබියේ මක්කම පිහිටුවා තිබෙන ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානයක් වන මුස්ලිම් ලෝක සංවිධානය, ආගමික නායකයින් සහ ජ්‍යෙෂ්ඨ විද්වත් පිරිස උදෙසා සංවිධානය කරන ලද “ආගමික අනුගාමිකයින් අතර පොදු සාරධර්ම ප්‍රවර්ධනය කිරීම” මැයෙන් පැවති සංසදයට සහභාගී වීම සඳහා මුස්ලිම් ලෝක සංවිධානයේ මහලේකම් සහ මුස්ලිම් විද්වතුන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්කරීම් අල්-ඉසා මහතා විසින් සිදු කරන ලද ආරාධනය පරිදි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති මෙන්ම ජපානයේ ප්‍රධාන සංඝනායක, ජපානයේ ලංකාජි විහාරස්ථානයේ විහාරාධිපති සහ ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරස්ථානයේ මහානායක හිමිපාණන් වන අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ප්‍රමුඛ දූත පිරිස 2022 මැයි මස 9 සිට 13 දක්වා දිනයන්හි දී සෞදි අරාබියේ සංචාරයක නිරත විය.

මෙය බෞද්ධ පූජකවරයෙකු සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව වේ.

අතිපූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ මැයි මස 11 වන දින රියාද් හි කීර්තිමත් රිට්ස් කාල්ටන් හෝටලයේ දී රැස් වූ ඉහත සංසදය ඇමතූහ. සිය දේශනය අතරතුරදී අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ සමානකම් සහ ඉස්ලාමීය දහමේ ඉගැන්වීම් සහ පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කළහ.

“ඉස්ලාම් දහම සහ බුද්ධාගම කෙසේ හෝ සැසඳිය හැකි යැයි සිතීම බොහෝ මිනිසුන්ගේ තිගැස්මට හේතුවන කරුණක් වන නමුත් ඒවායේ ඉගැන්වීම් සහ සාමය උදෙසා වන ප්‍රයත්නයන් දෙස සමීපව බැලුවහොත් එය යමෙකු තුළ ඒ සම්බන්ධයෙන් ඇතිවන සැකය හා බෙහෙවින් සමානය” යනුවෙන් අතිපූජ්‍ය නාහිමියෝ පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනාව පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ අතිපූජ්‍ය නාහිමියෝ “ලෝක සාමය සඳහා බෞද්ධ දර්ශනය සැබවින්ම වැදගත් වේ. මන්ත්‍ර සහ දර්ශනය බෞද්ධයින්ට පමණක් නොව සෑම කෙනෙකුගේම ජීවිතයට ප්‍රයෝජනවත් මෙන්ම වලංගු වේ.” යැයි සඳහන් කළහ.

මෙම සංසදය සඳහා හින්දු ආගමික දෙපාර්තමේන්තුවේ කුරුක්කල් රාමචන්ද්‍ර අයියර් සහ පූජ්‍ය කොස්වත්තේ පාලිත හිමියෝද සහභාගි වූහ. එය ශ්‍රී ලංකාවේ සිට හින්දු පූජකවරයකු සෞදි අරාබි රාජධානියට පැමිණි පළමු අවස්ථාවද වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *