Type to search

එක්සත් අරාබි එමිරේට්ස් නව ජනාධිපති ධුරයට ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති ධුරය හෙබවූ ෂෙයික් කලීෆාගේ අභාවයෙන් පසු, නව ජනාධිපති ලෙස ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් එම ධුරයට පත් විය‍.

2014 වයසරේ පටන් වසර ගණනාවක් තිස්සේ රෝග රැසකින් පීඩා විඳි ෂෙයික් කලීෆා පසුගිය 13 වැනිදා අභාවප්‍රාප්ත විය. ඒ හෘදයාබාදයකිනි. නව ජනාධිපති ලෙස එම ධුරයට පත් වුණු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්, ෂෙයික් කලීෆාගේ අඩ සොහොයුරාය. ෂෙයික් කලීෆා රෝගී වී සිටියදී, නිල නොවන ජනාධිපති ලෙස කටයුතු කළේ ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්ය.

61 හැවිරිදි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්, හමුදා සොල්දාදුවකුද වෙයි. ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල සමීප මිතුරෙකි. ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්ට සුබ පැතීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.

ඇමෙරිකන් උප ජනාධිපති කමලා හැරිස් ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක්ද සමඟ (16) එමිරේට්ස් රාජ්‍යයට පැමිණ නව ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් හමුවීමටද නියමිතය‍. මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද පවසා ඇත්තේ තමන් එමිරේට්ස් රාජ්‍යය බලා යෑමට සූදානම් වන බවය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *