ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය 91%කින් ක්ෂය වී ගොස්

ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය 91%කින් ක්ෂය වී ගොස්
උග්‍රවන දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය 91%කින් ක්ෂය වී ඇති බව ඔස්ට්‍රේලියා බලධාරීන් පවසනවා.
මහා බාධක කොරල්පර සමුද්‍ර උද්‍යාන අධිකාරියේ විශේෂඥයින් මාර්තු මාසයේ දී මෙය අනාවරණය කර ගෙන ඇති බව සඳහන්. ලෝකයේ විශාලතම කොරල් පරය ලෙස සැලකෙන මහා බාධක කොරල්පරය 1998 වසරේ සිට මේ වන තෙක් 6වරක් ක්ෂය වී ඇති බව සඳහන්.
2016 වසරෙන් පසුව සිව්වරක් මහ බාධක කොරල්පරය ක්ෂය වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. කිලෝමීටර 2,300ක් පුරා විහිද ගොස් ඇති මෙම මහ බාධක කොරල් පරයේ ඇති සියළුම කොරල්පර ක්ෂය වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙලෙස කොරල්පර ක්ෂය වීම සිදු වන්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් උණුසුම් වූ විටයි. එහෙත් පැසිෆික් සාගරයේ ජල මට්ටමේ පැවතිය යුතු උෂ්ණත්වය තිබියදීත් කොරල්පර ක්ෂය වීම පුදුමයට කරුණක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.