ඊශ්‍රායල වෙඩි තැබීමකින් අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල වෙඩි තැබීමකින් අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල වෙඩි තැබීමකින් අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින්, අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන 51 හැවිරිදි ෂරීන් අබු අක්ලේ ජීවිතක්ෂයට පත්වූවාය.

ෂරීන් අබු අක්ලේ හමුදා වෙඩි ප්‍රහාරයකට බිලි වූයේ බටහිර ඉවුරේ ගැටුම් සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටිද්දීය. වෙඩි තැබීමට ලක් වන අවස්ථාවේදී ඇය මාධ්‍යවේදීන් විසින් ඔවුන් වෙන් කර හඳුනා ගැනීමට පලඳින කබාය පැලඳ සිටි බවද පැවැසෙයි.

ෂරීන් අබු අක්ලේට අමතරව පලස්තීන මාධ්‍යවේදියකුටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. රෝහල්ගත කළ ඔහුගේ තත්ත්වය බරපතල නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

ඊශ්‍රායල හමුදා ෂරීන් අබු අක්ලේ අමු අමුවේ ඝාතනය කළේ යැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ. ෂරීන් අබු අක්ලේගේ ඝාකනයට ඊශ්‍රායල හමුදා වගකිව යුතු යැයිද අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *