Type to search

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබෙනවා.

ඒ මහතා අද (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

1960 වසරේ දී ප්‍රථම පන්තියේ සමාර්ථයක් සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් ජී.එච්. පීරිස් මහතා 1965 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ අයෙක්.

සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පළමු පත්වීම ලද ඒ මහතා වසර 44ක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා ලොව විවිධ රටවල සිදුවන දේශපාලන වෙනස්කම් පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙක්.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *