රටේ ආර්ථික කඩාවැටීම සමග බැංකුවක් කඩාවැටීමට නියමිතයි – රනිල් වික්‍රමසිංහ
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ (04) පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් ආර්ථික තත්වය ගැන පැහැදිලි කිරීමක් කියා සිටියේය.
මෙම අවස්ථාවේ රටේ ආර්ථික කඩාවැටීම සමග බැංකු පද්ධතිය බිඳ වැටීමෙන් නොසිතූ විරූ හානියක් සිදුවිය හැකි බව ඔහු අවධාරණය කලේය. තමාට ලැබී ඇති දත්ත අනුව බැංකුවක් කඩාවැටීමට නියමිත බවද ඔහු ඉඟි කලේය. ඒ අනුව බැංකුවක් කඩා වැටීමෙන් එහි තැන්පත්කරුවන්ට මෙන්ම රජයේ පාර්ශවයට දැරිය හැකි පාඩුව හා එය යලි ගොඩගැනීමට මෙවන් අවස්ථාවක ඇති නොහැකියාව ගැන සීරුවෙන් සොයා බලන ලෙස ඔහු දන්වා සිටියේය.
බැංකුවක් කඩාවැටීමට ඉඩ නොතබන ලෙසද දන්වා සිටියේය.