මල්වතු මහ නා හිමියන් දේශපානඥයින් බැහැ දැකීම ප්‍රතික්ශේප කරයි

මල්වතු මහ නා හිමියන් දේශපානඥයින් බැහැ දැකීම ප්‍රතික්ශේප කරයි

මල්වතු මහ නා හිමියන් දේශපානඥයින් බැහැ දැකීම ප්‍රතික්ශේප කරයි

කිසිදු දේශපානඥයෙකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ තීරණය කර තිබෙනවා. ඒ, රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය නිරාකරණය කිරීමට වගකිව යුතු කිසිදු පාර්ශවයක් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන්.

පවතින අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා ඇතුළත් ලිපියක් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ විසින් පසුගියදා ජනාධිපතිවරයා, අගමැතිවරයා හා පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කළා.

එම ලිපියට අනුව කිසිදු පාර්ශවයක් මෙතෙක් යහපත් ප්‍රතාචාරයක් නොදැක්වීම හේතුවෙන් මහ නා හිමියන් මෙම තීරණයට එළඹ ඇති බවයි මල්වතු මහ විහාරය ප්‍රකාශ කළේ. එම තීරණයට අනුව පසුගිය දින කිහිපය තුළ මහ නා හිමියන් බැහැ දැකීමට පැමිණි දේශපානඥයින් සියළු දෙනාට ඒ සඳහා අවසර හිමි නොවූ බවද වාර්තාවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *