බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන බෙදාහැරිම සඳහා නව මාර්ගෝපදේශ මාලවක් හදුන්වාදෙයි

බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන බෙදාහැරිම සඳහා නව මාර්ගෝපදේශ මාලවක් හදුන්වාදෙයි

බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන බෙදාහැරිම සඳහා නව මාර්ගෝපදේශ මාලවක් හදුන්වාදෙයි

ඛනිජ තෙල් සංස්ථාවේ ඩිපෝවලට අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය කිරීම සදහා නිකුත් කළ නව මාර්ගෝපදේශමාලාව පිළිබද අමාත්‍ය කාංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ දුම්රිය මගින් දැනට සියයට 40ක පමණ ඉන්ධණ ප්‍රවාහන කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය සිදු කිරීම මගින් ඩිපෝ වෙනුවෙන් අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මගින් විශාල ප්‍රවාහන වියදමක් අඩු කර හැනීමට එමගින් හැකි වන බවයි.

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ගනු ලැබූ නව තීරණ පිලිබඳ දැනුම් දෙමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පෙන්වා දෙන්නේ මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකිවූ නව රථ සඳහා ලංකා ඛණිජතෙල් තොග පර්යන්ත සමාගමේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබාදීම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිළධාරී මණ්ඩලයක් යොද වන බවයි.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුල නව බලපත්‍ර ලබා දෙන බවද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බවුසර් රථ වෙනුවෙන් වෙනම ඉන්ධන බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබාදීමට ද තීරණය කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඉදිරි දින දෙක තුල සේවයට වාර්තා නොකරන රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයන්ගේ රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

රජය සතු බවුසර් වැඩි වශයෙන් ධාවනය කරවීම සහ පැමිණෙන පෞද්ගලික රථ සඳහා ස්ථිර මිල සුත්‍රයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම මෙන්ම අවශ්‍ය ඉන්ධන තොග ප්‍රවාහනයට පැය 24ම පර්යන්ත ක්‍රියාත්මක කිරීම කිරීමටද තීරණය කළ බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *