පාර්ලිමේන්තුව තුළ යෝධ බලය ඇත්තේ පොහොට්ටුව හා ආණ්ඩුවටයි. අපි ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නෙමේ – දිනේෂ්

පාර්ලිමේන්තුව තුළ යෝධ බලය ඇත්තේ පොහොට්ටුව හා ආණ්ඩුවටයි. අපි ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නෙමේ - දිනේෂ්

පාර්ලිමේන්තුව තුළ යෝධ බලය ඇත්තේ පොහොට්ටුව හා ආණ්ඩුවටයි. අපි ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නෙමේ - දිනේෂ්

අපේ අතේ ඇති දාං ලෑල්ලේ, කීපදෙනෙක් එහෙට මෙහෙට වුනාට, කපන්න තියෙන ඉත්තෝ තාම තියෙන්නෙ, පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩුව අතේ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති මැයි දින සැමරුමට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
“ප්‍රගතිශීලී කඳවුරේ යෝධ බලය ඇත්තේ අපටයි. පාර්ලිමේන්තුව තුළත් යෝධ බලය ඇත්තේ පොහොට්ටුව හා ආණ්ඩුවටයි. අපි ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නෙමේ. ආණ්ඩුවට, කරන්න වැඩ කොටසක් තියෙනවා. අපි ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිසංස්කරණයකට යනවා. අපි ආර්ථික ප්‍රතිසංස්කරණයකට යනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ජනපති, අගමැති, මහජන නියෝජිතයන් කැප වී ඉන්නවා ඒ වෙනුවෙන්. යහපාලන නායකයන් ගෙදර යවනකොට, රු.බිලියන 12,000ක් කෙළින්ම ණය අරන් තිබුණා. ඒවා අපි ගෙවන්න ඕන.

මම නිලධාරීන් භාර ඇමති නිසා නිලධාරීන්ට මොකුත් කියන්නෙ නෑ. ඒත්, වැඩකරන්න යනකොට කවුරුවත් හරහට ඉන්න එපා. මේක සජිත්ලාගේ ඉත්තන්ට මම කියනවා. වැඩකරන ජනතාව අමතක කර කවදාවත් ආර්ථිකය සන්සුන් වෙන්නෙ නෑ. මේ මැයි දිනය අලුත් පෙරළියකට, අලුත් ශක්තියක් දෙන මැයි දිනයක් බව කතා කළ වෘත්තීය සමිති නායකයන් කිව්වා. කොවිඩ්වලට පෙර ආර්ථික, සමාජ තත්ත්වයට ලෝකය යළි යන්නෙ නෑ. දැන් අපි පශ්චාත් කොඩිඩ් ආර්ථිකය ගොඩනැගිය යුතුයි, යන පණිවුඩය ජනාධිපතිතුමා වෙත ගෙනයා යුතුයි. ”

මෙවර මැයි දිනය වෙනුවෙන් අගමැතිතුමා නිකුත් කළ පණිවුඩයේ කොටසක්ද මෙහිදී ම.එ.පෙ. නායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *