යුරෝපා ජනගහනයෙන් 60% – 80%ත්, ඇමෙරිකා ජනගහනයෙන් 50%ක පිරිසකටත් කොවිඩ්-19 ආසාදනය

යුරෝපා ජනගහනයෙන් 60% - 80%ත්, ඇමෙරිකා ජනගහනයෙන් 50%ක පිරිසකටත් කොවිඩ්-19 ආසාදනය

යුරෝපා ජනගහනයෙන් 60% - 80%ත්, ඇමෙරිකා ජනගහනයෙන් 50%ක පිරිසකටත් කොවිඩ්-19 ආසාදනය

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි වෙසෙන ජනගහනයෙන් 60%ත් 80%ත් අතර ප්‍රතිශතයකට මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි යුරෝපා කොමිසම පවසයි.

එම සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙන් කයිරියාකිඩෙස් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර තිබේ. “දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට යුරෝපා සංගමයේ ජනගහනයෙන් 60%ත් 80%ත් අතර ප්‍රතිශතයකට මේ කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. මෙතැනදී වාර්තා වී ඇති ආසාදනයවීම්වලට වඩා වාර්තා වී නොමැති ආසාදනයවීම්. සංඛ්‍යාව ඉහළයි.” යනුවෙන්ද කොමසාරිස්වරිය සදහන් කර ඇත.

යුරෝපා සංගමයේ මහජන සෞඛ්‍ය ඒජන්සියට අනුව දැනට වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාවෙන් ආවරණය වී ඇත්තේ යුරෝපියානු ජනගහනයෙන් 30%ක ප්‍රතිශතයක් පමණකි. එහෙත් වාර්තා නොවී ඇති ආසාදිතයන් සංඛ්‍යාවත් එයට එක් කළහොත් එය ආසාදිතයන් මිලියන 350ක් දක්වා ඉහළ යාමක් වනු ඇති බවත්, එය යුරෝපියානු ජනගහනයෙන් 77%ක් වන බවත් පැවසෙයි. එසේම අද වනවිට මෙම කොවිඩ්-19 වෛරසය විකෘතිවීම්වලට ලක්වෙමින් සිටින බවත්, ඒ හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් අනිවාර්යයෙන්ම මෙම කොවිඩ්-19 පාලනය සදහා ගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් මෙන්ම එන්නත්කරණයද වේගවත් කළ යුතුව තිබෙන බවත් යුරෝපා මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.

මේ අතර වර්තමානය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 ආසාදනය වී තිබෙන බවත්, එහිදී සෑම දරුවන් සිවුදෙනෙකුගෙන්ම තිදෙනෙකු ආසාදිතයන් වන බවත් එරට රෝග පාලනය සහ වළක්වාගැනීම පිළිබද මධ්‍යස්ථානය සදහන් කරයි.
ඇමෙරිකානුවන් ලක්ෂ දෙකකගේ රුධිර සාම්පල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිභේද පරික්ෂාවන්හි ප්‍රතිඵල අනුව මෙම වාර්තාව නිකුත් කෙරී ඇත. එහිදී එන්නත්කරණය හරහා නොව ආසාදිතවීම හරහා මෙම පිරිසට එලෙස ප්‍රතිදේහ නිපදවීමක් සිදුව තිබෙන බව බලධාරින්ගේ අදහස වී තිබේ. මහිදී විශේෂයෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ පෙබරවාරිය දක්වා කාලය තුළදී එරට තුළ ආසාදනයවීම් වේගවත් වී ඇති බවත්, ඒ සඳහා මූලිකවම ඔමික්‍රෝන් ප්‍රභේදයේ වර්ධනය හේතුවී තිබෙන බවත් මෙම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදභන් කරයි. “දෙසැම්බර් මාසයට පෙරාතුව ඇමෙරිකාවේ සියලුම වයස් කාණ්ඩවල ජනගහනයෙන් 34%ක් පමණයි. වෛරසය ආසාදනය වී තිබුණි. එහෙත් මාසයකට පසුව එය 58%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒවගේම දෙසැම්බර් මාසයේදී 45%ක්ව පැවැති දරුවන් අතර ප්‍රතිදේහ නිර්මාණයවීමේ ප්‍රතිශතය පෙබරවාරි මාසය වනවිට 75%ක් දක්වා ඉහළ නැග තිබෙනවා.” යනුවෙන්ද මෙම පර්යේෂකයන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *