තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සරණාගතයින් ලෙස ධනුෂ්කොඩියට,රාමේශ්වරම් සංක්‍රමණය වෙයි

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවක්, දැරියක් සහ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු යන එකම පවුලේ තිදෙනෙකු සරණාගතයින් ලෙස තමිල්නාඩුවේ ධනුෂ්කොඩි වෙත සංක්‍රමණය වී ඇත.
ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 18 දෙනෙක් (21) රාත්‍රියේ සහ (22) අලුයම කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවේ රැකවරණ පතා රාමේශ්වරම් වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.රැකවරණ පතා පැමිණි කණ්ඩායමේ මාස 4ක ගැබිණියක්, අවුරුදු එක හමාරක ළදරුවෙක් සිටින බවත් එක් දවසක් තුල පැමිණි දෙවැනියට වැඩිම ශ්‍රී ලංකික සරණාගතයින් සංඛ්‍යාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ධනුෂ්කොඩි වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් බේරාගත් සමුද්‍ර පොලීසිය, ඔවුන්ව සමුද්‍ර පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.

ඔවුන් මඩකලපුවේ සිට ධනුෂ්කොඩි වෙත පැමිණියේ කෙසේද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *