සෞඛ්‍ය අමාත්‍ය ඖෂධ හිග ගැන කරුණු පහදයි

ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

මෙරට භාවිත කෙරෙන ජීවිතාරක්ෂක ඖෂධ 14න් එකක් සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 646න් 37ක් මේ වන විට වෛද්‍ය සැපයුම් ඒකකය සතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486කින් 45ක්ද වෛද්‍ය සැපයුම් ඒකකය සතුව නොමැති බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කලේ. පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා දින 90ක පමණ කාලයක් අවශ්‍ය වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

කෙසේවෙතත් ඖෂධ නොමැතිවීම හේතුවෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තාවී නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *