භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි – රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබෙනවා.

තරුණ තරුණියන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතාවගේ ඉල්ලීමක් ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි එම සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

වත්මන් ආර්ථික අර්බුදයට වසර එකහමාරක් තුළ විසඳුමක් ලබා දිය හැකි බවයි හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *