තම වත්කම් විගණනය කරන මෙන් මන්ත්‍රී තලතාගෙන් විගණකාධිපතිවරයාට ලිපියක්

තම වත්කම් විගණනය කරන මෙන් මන්ත්‍රී තලතාගෙන් විගණකාධිපතිවරයාට ලිපියක්

තම වත්කම් විගණනය කරන මෙන් මන්ත්‍රී තලතාගෙන් විගණකාධිපතිවරයාට ලිපියක්

මහජන නියෝජිතවරියක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන තමන්ගේ දේශීයව හා විදේශීයව උපයා ගනු ලැබූ වත්කම් සම්බන්ධයන් විගණනයක් කරන ලෙස සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ විගණකාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විගණකාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කර ඇත්තේ තමන් 2004 වර්ෂයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනු ලබන බවයි.

එමෙන්ම 2015 වර්ෂයේ ජනවාරි 12 වෙනිදා සිට 2019 වර්ෂයේ නොවැම්බර් මස 20 වෙනිදා දක්වා කැබිනට් අමාත්‍යවරියක් කටයුතු කරනු ලැබූ බවයි ඇය සඳහන් කර සිටියි.

එම කාල සීමාවේදී තමන් විසින් දේශීයව සහ විදේශීයව උපයා ගන්නා ලද වත්කම් ගැන විගණනය කොට මහජනතාවට දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි මන්ත්‍රීවරිය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *