පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්න CIDය විමර්ශන සිදු කර ඇත්ද? – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්න CIDය විමර්ශන සිදු කර ඇත්ද? - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්න CIDය විමර්ශන සිදු කර ඇත්ද? - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ යැයි ඔප්පු කිරීමට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් විමර්ශන සිදු කර ඇත්දැයි කතෝලික සභාව ප්‍රශ්න කරයි. අප්‍රේල් (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා මේ බව විමසා සිටියේය.

උන්වහන්සේ මෙලෙස ප්‍රශ්න කර සිටියේ, පසුගිය (අප්‍රේල් 12) වන දින ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇතුළු පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සිදු කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ කරුණු සම්බන්ධයෙනි.

එම සාකච්ඡාවේදී කමල් ගුණරත්න මහතා සිදු කළ ප්‍රකාශ විමසා බැලීමේදී “පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් දේශපාලන නායකයින්ව ආරක්ෂා කරන්නට රාජ්‍ය සේවකයෙකු වශයෙන් කමල් ගුණරත්ත මහතාට තිබෙන සාදාචාරාත්මක අයිතිය කුමක් ද?” යන ප්‍රශ්නය පැන නගින බවද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් ඔත්තු සේවාවල සහාය ලබාගත් බවට අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද උන්වහන්සේ එම අවස්ථාවේදී ප්‍රශ්න කළහ.

එලෙස පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහය පැතුවේ නම්, ඒ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම කළ සහ නිෂ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය භාරව සිටි නිලන්ත ජයවර්ධන මහතා අතට පත්කළ ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහය ගෙන පාස්කු ප්‍රහරයේ සුළමුල සොයා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? යනුවෙන්ද උන්හවන්සේ විමසා සිටියහ.

උන්වහන්සේ වැඩිදුරටත් විමසා සිටියේ, පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට නඩු පැවරීමට කැපවී කටයුතු කළේ නම්, කරුණු ගැන දැන දැනත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරි බවට පාස්කු කොමිසම නම් කර ඇති පුද්ගලයින් අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වන්නේ කෙසේද? යනුවෙනි.

“ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න උත්සහ කළාම අපිට හිතුණා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියවුණ දේවල්වලට අපි යම් විධියකින් පිළිතුරක් ලබා දෙන්න අවශ්‍යයි කියලා.

පළමු දේ තමයි, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවලින් දේශපාලන නායකයින්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්ත මහතාට තිබෙන සාදාචාරාත්මක අයිතිය මොකක්ද? පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනවාද? එහෙම විමර්ශන කළා නම් ඒවායේ වාර්තාවන් කෝ?

පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයාගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම කළ සහ නිෂ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මත්තයා අතට පත්කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහරයේ සුළමුල සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි?

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට චෝදනාවක්, නඩු ගොනුකිරීම බොහෝ ම කැපවීමෙන් පරිශ්‍රමයෙන් කාලය වැය කරලා සිදුකළා යැයි කියලා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන ත් ඒක වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරි බවට කොමිසම නම් කරලා තියෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වෙන්නේ?”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *