දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් 300කට වැඩි පිරිසක් මිය යයි
 
                දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් 300කට වැඩි පිරිසක් මිය යයි
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශයක ඇතිව තිබෙන දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සතිය මුලදී ඇතිවුණු දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර නිවාස හා දේපලවලට විශාල හානියක් සිදුව ඇති බවයි පැවසෙන්නේ. බොහෝ විනාශයන් සිදුව ඇත්තේ රටේ තුන්වන වැඩිම ජනගහනයක් ජිවත්වන නගරය වන ක්වාසුලු-නටාල් පළාතේ ඩර්බන් ප්‍රදේශයේ බව සඳහන්.
සමහර ප්‍රදේශවාසීන් මෙම ව්‍යසනයට හේතුව ලෙස දක්වා ඇත්තේ කාණු පද්ධති සහ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස බවයි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        