රු.මි 6,200කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ 11 දෙනෙකු අත්අඩංගුවට

මිලියන 4,000කට අධික හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදා භාරයට

මිලියන 4,000කට අධික හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25ක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාම රුපියල් මිලියන 6,200 ඉක්මවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවය හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කල වැටලීමකදීයි මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. ගාල්ල, දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදු කෙරුණේ ලැබුණු තොරතුර මත සති දෙකක කාලයක් පුරාවට සිදුකෙරුණු විශේෂ විමර්ශනවලින් අනතුරුවයි. ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රි රෝද රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,200ක් පමණ වන බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාව මාර්තු 26 වනදා බේරුවල ධිවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන මුවාවෙන් ගමන් අරඹා ඇති බව හෙළිවී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන ඒවා මෙරටට ගෙනඒමට උත්සාහ දරා ඇති බවටයි සැකකෙරෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හික්කඩුව, බූස්ස, කලවාන, බෙරිල්ලවත්ත සහ මොරගොඩ පදිංචිකරුවන් වන අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *