ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ ඇයිද යන ආණ්ඩුව තේරුම්ගත යුතුයි – ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ

ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ ඇයිද යන ආණ්ඩුව තේරුම්ගත යුතුයි - ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ

ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ ඇයිද යන ආණ්ඩුව තේරුම්ගත යුතුයි - ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ

ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ ඇයිද යන ආණ්ඩුව විසින් තේරුම්ගත යුතු බවත්, ජනතා ගැටලුවලට ඉක්මන් විසඳුම් නොදුනහොත් තිස් අවුරුදු යුද්ධය කාලයේ මෙන් මහා ලේ වැගිමකින් මේ ප්‍රශ්න කෙළවර විය හැකි බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ රටේ මේ වනවිට පවත්නා වත්මන් දේශපාලන තත්ත්වය හා උඝෝෂණ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. රට හරි මගට ගෙන යා හැකි වූ විවිධ නායකයන් පිළිබඳ මේ දිනවල විවිධ කතා පැතිර ගියද මේ රට පෙරට ගෙන යා හැකි වගකීමක් ඇති නායකයෙකු ලෙස තමාට එකදු පුද්ගලයෙකු ගැන හෝ කිව නොහැකි යැයිද ආදිවාසී නායකයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දසැත්වූ ආදීවාසී නායකයා,

“මේ වනවිට රට පුරාම උඝෝෂණ පැවැත්වෙනවා. ලංකාව කියන්නේ මිනිස්සු කවදාවත් කන්න නැහැ කියල උඝෝෂණය. කළ රටක් නෙවෙයි. උඝෝෂණ කරන්නේ ඒ අයට තියෙන ප්‍රධාන ගැටලු විසඳලා දෙන්න කියලයි. මිනිස්සුන්ට තියන ප්‍රධානම මාතෘකාව තමයි ආහාර, පොහොර සහ ඉන්ධන. මේ ගැටලුවලට ක්ෂණික විසඳුම් දෙන එක ප්‍රධානතම කාරණය කියලයි මේ රටේ වගකීමක් තියෙන නායකයෙක් හැටියට මම හිතන්නේ.මේ වෙලාවේ ආණ්ඩුව හෝ ජනාධිපති, අගමැති මැති ඇමතිවරු අයින් කරන එක ගැටලුවට විසඳුමක් නෙවෙයි. මේ වෙලාවේ රටේ ඉන්න සියලුම දෙනා පක්ෂ, ජාති, ආගම, කුල, භේද පැත්තකට දාලා එක කණ්ඩායමක් විදියට මේ ගැටලුවට විසඳුම් සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම්ම නායක හාමුදුරුවරු, මේ රටේ ඉන්න බුද්ධිමතුන් අනිත් ආගමික නායකයෝ සියලු දෙනාත් මේ පිරිසට එකතු වෙන්න ඕනෑ.

ජනතාවට දැන් තියෙන ප්‍රධානතම ගැටලුව තමයි ආහාර හිඟය. තෙල්, ගෑස් පොහොර ප්‍රශ්න. ඒ වගේම ආර්ථිකය බිඳවැටිලා. බඩුමිල ඉහළ ගිහිල්ලා. බඩු මිල්ලේ පාලනයක් නැහැ. රට කිසිම පාලනයක් නැතුව තමයි යන්නේ. මේවා පාලනය කරන ඕන. මේවා ඉක්මනින්ම විසඳිය යුතුයි. රට මෙවැනි තත්ත්වයකට පත්වීමට රජය ගත් වැරදි තීරණ කීපයක් බලපෑවා. ප්‍රධාන වශයෙන්ම පොහොර ප්‍රශ්නයක් ඇති කරලා කෘෂිකර්මය විනාශ කළා. ඊළඟට මිල පාලනයක් නැතුව වෙළෙන්දන්ට අවශ්‍ය විදිහට බඩු විකුණන්න ඉඩ දුන්නා. දුප්පතාගෙ ඇටකටු ටිකත් හූරගෙන කන තත්වෙට පත්වුණා. ඊළඟට තෙල් ප්‍රශ්නය බලපෑවා. මේවා මිනිසුන්ට තදින්ම දැනෙන ප්‍රශ්න. මේවට විසඳුම් දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා නම් මේ වෙනවිට

ආණ්ඩුව කෙරේ තියෙන අප්‍රසාදය නැති කරගන්න පුළුවන්. අද ඒක එක එක්කෙනාට කියනවා ආණ්ඩුව භාරගන්න කියලා. හැබැයි ආණ්ඩුව භාරගන්න කිසි කෙනෙක් කැමති නෑ. ඒ වගේම මිනිස්සුන්ටත් කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ආණ්ඩුව පෙරළීමට වඩා ඉන්න අය එකතු වෙලා මේ ප්‍රශ්නය බේරගෙන හෙමින් සීරුවේ මැතිවරණයකට යා යුතුයි කියන ඒක තමයි මගේ මතය. එහෙම නැතිව දැන් මැතිවරණ තියන්න ගියොත් තව තවත් මේ ප්‍රශ්නය උග්‍ර අතට හැරෙනවා” යනුවෙන්ද කියා සිටියේය.

– GLN

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *