ව්‍යාපෘති නොවන ප්‍රධාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපානයෙන් යෙන් මිලියන 500ක්

ව්‍යාපෘති නොවන ප්‍රධාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපානයෙන් යෙන් මිලියන 500ක්

ව්‍යාපෘති නොවන ප්‍රධාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපානයෙන් යෙන් මිලියන 500ක්

මෙරට ශාක ස්වස්ථතා සහතිකකරණය වැඩි දියුණු කිරීම තුළින් ඉක්මනින් නරක්වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සදහා පහසුකම් සැලසීම උදෙසා ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත රට තුළ අපනයන සහතික කිරීම පහසු කිරීම සඳහා රෝග විනිශ්චය ශිල්පීය ක්‍රම සහ ශාක සනීපාරක්ෂක පරීක්ෂණ සේවා ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය සහාය ලබාදෙනවා. ඒ අනුව ඊට අදාළ උපකරණ සැපයීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ප්‍රධාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500ක් ලබාදීමට ජපානය එකගත්වය පළකර තිබෙනවා. මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුකෙරුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්ආර් ආටිගල, ජපාන රජයේ තානාපති හිදෙයකි මිසුකොශි යන මහත්වරුන් ඊට අත්සන් තැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *