විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය නිසා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් – ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය

ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට කමිටුවක්

දුර පළාත්වලට ප්‍රවාහනය කිරීමට ඉන්ධන හිඟය හරස් වී තිබීමත් විදුලිය කප්පාදුව හේතුවෙන් සම්මත තත්ත්වයන් යටතේ ගබඩා කිරීමට නොහැකි වීමත් නිසා බොහෝ පළාත්වලට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පවතිනැයි ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය කියයි.

විශේෂයෙන් ඉන්සියුලින් වැනි ජීවිතාරක්ෂක ඖෂධ ගබඩා කළ යුත්තේ සම්මත උෂ්ණත්ව තත්ත්ව යටතේ බවත් පැය 10 – 12 තිස්සේ විදුලිය කප්පාදු කර තිබීම නිසා ශීතකරණ තුළ ඇති ඖෂධ නරක් වීමේ සම්භාවිතාවක් ඇති බවත් ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියාසිටියේය.

ඖෂධ ශාලා සියල්ලම සතුව විදුලි උත්පාදන යන්ත්‍ර නොමැති බව පෙන්වාදුන් ඔහු එම යන්ත්‍ර තිබුණත් ඒවා ක්‍රියාකරවීමට ඉන්ධන නොමැති වීමෙන් ඔෟෂධවල ගුණාත්මක භාවයට හානි සිදුවන බවද කීවේය.

ජීවිතාරක්ෂක ඖෂධ යැවීමට අවශ්‍ය නිසා දුර පළාත්වලට ඔෟෂධ ප්‍රවාහනය කරන වාහනවලට ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාදෙන්නයි ඉල්ලා රජයට නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළ බවද සභාපතිවරයා කීය. ඖෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා ඩොලරයට සාපේක්ෂව මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා එකඟ වී යැයි කී ගන්කන්ද මහතා ඒ අනුව ඩොලරයේ මිල ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ මිල ඉහළ යනු ඇතැයිද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *