ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා ප්‍රධාන කරුණු 5ක් යටතේ – ආර්. සම්බන්ධන්

කරුණු 5ක් ඔස්සේ ජනපති සහ ටීඑන්ඒ සාකච්ඡා ඉදිරියටම

ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා ප්‍රධාන කරුණු 5ක් යටතේ - ආර්. සම්බන්ධන්

ප්‍රධාන කරුණු 5ක් යටතේ ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර 25 වැනි සිකුරාදා පැවැති සාකච්ඡා එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් සාර්ථක කර ගැනීම තම අරමුණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කරයි.

මෙම සාකච්ඡාවේදී දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක්විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු නැඟෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් අවධානයට යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *