Type to search

කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ගුවන් යානා ලබාදීම නතර කරයි, කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැහැ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රටේ විවිධ ස්ථානවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙළිකොප්ටර හෝ ගුවන් යානා ලබාදීම නතර කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කර තිබේ.

පවතින ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට එළඹි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදේශීය රාජතාන්ත්‍රිකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බවද හෙතෙම පැවසීය.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ගුවන් හමුදාවට රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයිද සඳහන් වෙයි. හෙලිකොප්ටර් යානයක් පැයක පියාසර කාලයක් සඳහා වැය කරන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් පන්සියයක් පමණ වේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *