ගෝටාබය, බැසිල්, මහින්ද, කබ්රාල්ගේ අණුවන තීරන නිසා රටේ ආර්ථිකය අඳුරෙහි ගිල්වන අයුරු ලෝක අවදානයට

වත්මන් ආණ්ඩුව අනුගමණය කරමින් තිබෙන අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා රට ආර්ථික වශයෙන් කඩා වැටෙන අයුරු ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ.

ලෝකයම පිළිගන්නා ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් (24)වැනි දා තම ට්විටර් ගිණුමේ සටහනක් තැබීම මේ පිළිබඳව පලවන නවතම ප්‍රවෘත්තිය වී ඇත. පූර්ව ආරක්ෂක විධිවිධාන නොයොදා රුපියල පා කිරීමත් සමග ඇති වී තිබෙන බරපතල බිඳවැටීම ඔහුගේ විශේෂ අවධානයට යොමු වී ඇත.

පවතින තත්වයට විසඳුම් ලෙස ශ්‍රී ලංකාව තුළ 1884 – 1950 අතර කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයේ මුදල් මණ්ඩලයක් පිහිටුවා විසඳුම් සෙවියයුතු බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් සිය ට්විටර් සටහනේ දක්වා තිබේ. මේ වනවිට මහබැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතන ව්‍යූහවල ක්‍රියාකාරිත්වය කිසි සේත්ම පිළිගත නොහැකි බව මහාචාර්යවරයාගේ යෝජනාව තුළින් ගම්‍ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *