ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාර

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම ප්‍රකාශය මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ වාර්තාවේ සඳහන් නිර්දේශ සමහරක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම වාර්තාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ දීර්ඝ සහ ගැඹුරු අධ්‍යනයකින් පසුව ප්‍රකාශයට පත් කළේය.

පසුගිය වසරේ අගෝස්තු මස 21 වෙනි දින සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, විනිමය අනුපාත පාලනය නොකිරීම, විදේශ විනිමය වෙළඳපොල ගණුදෙනු සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ප්‍රධාන වෙළඳ භාණ්ඩ වල මිල වෙළඳපොල පදනම් කරගනිමින් සැකසීම වැනි පියවර කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව එම මහ බැංකු නිවේදනයේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුදලේ අරමුදල සමග සමීපව කටයුතු කිරීමට සුදානම් වීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුවද මුල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *